Friday, October 11, 2019

Downloading torrents without a client

Downloading torrent is a boring and time spend matter to so many guys. You have to install client software or app in your computer or mobile phone and you have some knowledge to doing all of this stuff. Thats not necessary if you has a method to downloading torrents without a client. Here it is https://www.seedr.cc/ all you have to do, go to this website and create a account, copy past your torrent magnet link or add .torrent file to the seedr and download it with your default download manager. It's simple fast and free!

Thursday, May 29, 2014

Elementary S02E01 with Sinhala Subtitles


ඔන්න මම අද දෙන්න යන්නෙ Elementary කතා මාලාවේ දෙවෙනි කතා සමය. මේකට IMDb 8.0/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. අපි කව්රුත් වගේ කියවලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් මාලාවට අනුව තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් විදිහකට. පොතේ හැටියටනම් ෂර්ලොක් හෝම්ස් ඉන්නෙ එංගලන්තෙ ලන්ඩන් වල බේකර් වීදියෙ. එක්දාස් නවසිය බරගණන් වල. ඒත් මේ කතාවෙ හැටියට එයා ඉන්නෙ ඇමරිකාවෙ නිව් යෝර්ක් වල වර්ථමානෙ. ඒත් ඔහුගෙ උපන්බිම එංගලන්තය කියලා මේ කතාවෙනුත් කියවෙනවා. ඔහුගෙ උදවුකරු දොස්තර වොට්සන් විදිහට මේකෙ ඉන්නෙ ගෑනු කෙනෙක්.
පළවෙනි කතා සමය ඔයාලා හැමෝම බලන්න ඇතිනේ, බලපු නැති අය ඉන්නවානම් baiscopelk.com වෙබ් අඩවියට මෙතනින් ගිහින් බලන්න. ඒකෙ තිබුනේ වොට්සන් නෝනයි ෂර්ලොක් මහත්තයයි එකතු වෙලා හරි අපූරුවට නවීන තාක්ෂනය යොදාගෙන, විසඳන්න අපහසු අභිරහස් විසඳපු හැටිනෙ. ඔවුන්ට උදව්වට හිටියෙ NYPD එකේ කැප්ටන් ග්‍රෙග්සන් නේ. අයරින් ඇඩ්ලර් කියන ෂර්ලොක් පනදීගෙන ආදරය කරපු කාන්තාවනෙ අන්තිමට බලද්දී මොරියාටි විදිහට හැම ගේමක්ම දීලා තියෙන්නෙ. අවසානයේ බොහොම අමාරුවෙන් ෂර්ලොක්, වොට්සන් දෙන්නා ඇයව පොලිසියට කොටුකරන තැනින් ඒ කතා සමය ඉවර වෙනවා.
දෙවෙනි කතාසමය ගැන කිව්වොත්, මේකෙ සියලුම කොටස් දැනට විකාශය වෙලා අවසානයි. පළවෙනි කතා සමය වගේ මේකෙත් කොටස් 24ක් තියෙනවා. මෙම කොටසෙදී නිව්යෝර්ක් වල අහිරහසක් විසදීමෙන් අනතුරුව ෂර්ලොක්ට එංගලන්තයෙන් ඇමතුමක් ලැබෙනවා, ඒ ආපසු තමන්ගෙ උපන්බිමට ලැබෙන කැඳවීමක්. ඒ මොකටද කියලා කතාව බලලම දැනගන්නකෝ. මේ කතාවෙදි කලින් සඳහන් නොකරපු පොතේ ඉන්න චරිත කීපයක්ම ඉන්නවා. ඒ තමයි ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් සහ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකේ ලෙස්ට්‍රාඩ්. තව 221B කියන ෂර්ලොක්ගෙ නිල නිවසත් මේකෙ තියෙනවා.

Sunday, May 18, 2014

අවසානයි !!!

කණගාටුවෙන් දැනුම්දීමයි!

         මම මේ බ්ලොග් එක හරහා 24 නාට්‍ය මාලාවේ කොටස්වලට සිංහල උපසිරසි දෙන්න තීරණය කලේ දැනට අන්තර්ජාලය තුල එම නාට්‍ය මාලාව සඳහා උපසිරසියක් නිකුත්වී නොතිබුන නිසාත්, චතුර අයියාගේ බලවත් ඉල්ලීමත් නිසාය. එහෙත් දැනට baiscopelk.com වෙබ් අඩවිය හරහා එම කතාමාලාවට උපසිරසි ලබාදෙන බැවින්, මම 24 කතාමාලවට උපසිරසි යෙදීම මෙතනින් නවත්වමි. සිංහල උපසිරසි අවශ්‍ය චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍ය මාලාවක් තිබේනම් මාව දැනුවත් කරන්න.

                                                                                                               ස්තූතියි!!!

Sunday, May 11, 2014

24.S09E02 With Sinhala Subtitles


                          පළවෙනි කොටස ඔයාලා බලන්න ඇතිනේ? අද මං දෙන්නෙ මේකෙ දෙවෙනි කොටස. ජැක් බවර් පොලිසියට අහුවුණේ ඇයි කියලා කලින් කොටසෙන් දැනගත්තානේ. එයාගෙ යාළුවෙක්ව අත්අඩංගුවෙන් බෙරගන්නනේ, ඒත් ඒකෙ යටි අරමුණක් තියෙනවා කියලා අද කතාවෙන් පෙන්නනවා. පොලිසියේ කට්ටිය හිතාගෙන ඉන්නෙ ජැක් බවර් එංගලන්තෙට ආවෙ ජනාධිපතිව මරන්න කියලා. ඒත් ඒක නෙවේ ඇත්ත, අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් ජැක් බවර් ඇයි එංගලන්තෙන් මතුවුනේ කියන එකට හේතුව. ජැක් බවර් තමන්ගෙ පරණ යෙහෙළියවත් අත්අඩංගුවෙන් අරගෙන සාර්ථකව පැනලා ගියාට නියෝජිත මෝර්ගන් ගේම අතාරින්න ලැස්ති නෑ, අදකොටසෙන් බලාගන්න පුළුවන්, ජැක් බවර් තමන්ගෙ අරමුණ පස්සේ එලවන එකත්, පොලිසිය ජැක් බවර්ගේ පස්සේ එලවන විදිහත්.
                           ඔන්න දෙවෙනි කොටසත් ඉක්මනින්ම දුන්නා. මේකෙ තුන්වෙනි කොටස තාම විකාශය වෙලා නෑ. ඒ කොටසත් විකාශය වුන ගමන්ම සිංහල උපසිරැසිය දෙන්නම්. එහෙනම් පස්සේ හමුවෙමු. කතාව රසවිඳින ගමන් කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

                                                         වීඩියෝ පිටපත මෙතනින් බාගන්න
                                                            උපසිරැසිය මෙතනින් බාගන්න

Friday, May 9, 2014

24.S09E01 With Sinhala Subtitles


                   ඔයාලට මං අද දෙන්න යන්නෙ අලුතෙන්ම ආපු TV Series එකක්, සිංහල උපසිරැසි එක්කම. 24 කිව්වහම නොදන්නා කෙනෙක් නෑ කියල මං හිතනවා. මේකෙ කලින් කතා සමය සිරස TV එකේ සිංහල හඬ කවලා විකාශය උනා ඔයාලට මතක ඇති. මං අද දෙන්න යන්නෙ මේකෙ අලුතෙන්ම ආපු දැනට ඇමරිකාවේ FOX නාලිකාවේ විකාශය වෙමින් පවතින නවවෙනි කතා සමයෙ පලවෙනි කොටස. මේක ගොඩක් ජනප්‍රිය කතාවක් වුනත් දැනට කිසිම සිංහල උපසිරසියක් අන්තර්ජාලයේ තියෙනවා මම දැක්කෙ නෑ. ඒ හින්ද මං හිතුව මේකට සිංහලෙන් උපසිරසි දෙන්න. විශේෂයෙන් චතුර අයිය මේකට ගොඩක් කැමතියි. එයා තමයි මාව පෙළඹෙව්වේ සිංහලෙන් උපසිරැසිය දෙන්න කියල.
                    කලින් කතාසමයන් එක්ක එතරම් බැඳීමක් මේ කතා සමයෙ නැති නිසා ඒවා බැලුවේ නෑ කියල මේකෙ රසවින්දනයට බාදාවක් වෙන්නෙ නෑ. එකම චරිතයක් විතරයි හැම කතා සමයකම ඉන්නෙ. ඒ තමයි 'ජැක් බවර්' එයා තමයි මේක ප්‍රධාන චරිතේ. කලින් CTU එකේ ලොක්ක වෙලා හිටපු මිනිහ, නාහෙට අහන්නෙ නැති ගතිය හින්ද රස්සාවෙන් එලවල. දැන් ඔහු අපරාධකාරයෙක් කියල තමයි හැමෝම හිතන්නෙ. ඒත් ඒක නෙවේ ඇත්ත. රස්සාව නැති වුනත්, මොහු අපරාධ වලට එරෙහිව ක්‍රියාත්මක වෙනව. මෙම කතා සමය ආරම්භ වෙන්නෙ ජැක් බවර් අවරුදු හතරකට පස්සේ එංගලන්තේදී පොලිසියට කොටු වෙන දර්ශනයත් එක්ක. ඔයාලම ඉතිං හොඳද කියල බලන්නකො. ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්නම්!

                                                     වීඩියෝ පිටපත මෙතනින් බාගන්න
                                                       උපසිරැසිය මෙතනින් බාගන්න.