Friday, May 9, 2014

24.S09E01 With Sinhala Subtitles


                   ඔයාලට මං අද දෙන්න යන්නෙ අලුතෙන්ම ආපු TV Series එකක්, සිංහල උපසිරැසි එක්කම. 24 කිව්වහම නොදන්නා කෙනෙක් නෑ කියල මං හිතනවා. මේකෙ කලින් කතා සමය සිරස TV එකේ සිංහල හඬ කවලා විකාශය උනා ඔයාලට මතක ඇති. මං අද දෙන්න යන්නෙ මේකෙ අලුතෙන්ම ආපු දැනට ඇමරිකාවේ FOX නාලිකාවේ විකාශය වෙමින් පවතින නවවෙනි කතා සමයෙ පලවෙනි කොටස. මේක ගොඩක් ජනප්‍රිය කතාවක් වුනත් දැනට කිසිම සිංහල උපසිරසියක් අන්තර්ජාලයේ තියෙනවා මම දැක්කෙ නෑ. ඒ හින්ද මං හිතුව මේකට සිංහලෙන් උපසිරසි දෙන්න. විශේෂයෙන් චතුර අයිය මේකට ගොඩක් කැමතියි. එයා තමයි මාව පෙළඹෙව්වේ සිංහලෙන් උපසිරැසිය දෙන්න කියල.
                    කලින් කතාසමයන් එක්ක එතරම් බැඳීමක් මේ කතා සමයෙ නැති නිසා ඒවා බැලුවේ නෑ කියල මේකෙ රසවින්දනයට බාදාවක් වෙන්නෙ නෑ. එකම චරිතයක් විතරයි හැම කතා සමයකම ඉන්නෙ. ඒ තමයි 'ජැක් බවර්' එයා තමයි මේක ප්‍රධාන චරිතේ. කලින් CTU එකේ ලොක්ක වෙලා හිටපු මිනිහ, නාහෙට අහන්නෙ නැති ගතිය හින්ද රස්සාවෙන් එලවල. දැන් ඔහු අපරාධකාරයෙක් කියල තමයි හැමෝම හිතන්නෙ. ඒත් ඒක නෙවේ ඇත්ත. රස්සාව නැති වුනත්, මොහු අපරාධ වලට එරෙහිව ක්‍රියාත්මක වෙනව. මෙම කතා සමය ආරම්භ වෙන්නෙ ජැක් බවර් අවරුදු හතරකට පස්සේ එංගලන්තේදී පොලිසියට කොටු වෙන දර්ශනයත් එක්ක. ඔයාලම ඉතිං හොඳද කියල බලන්නකො. ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්නම්!

                                                     වීඩියෝ පිටපත මෙතනින් බාගන්න
                                                       උපසිරැසිය මෙතනින් බාගන්න.

4 comments:

  1. Chrome Browser එකේ ලින්ක් වැඩ කරන්නෙ නැත්තම් වෙන Browser එකකින් ට්‍රයි කරන්න.

    ReplyDelete
  2. After 5 Seconds Click "SKIP AD" to download your file

    ReplyDelete
  3. Thanks මගෙ නමත් දැමිමට.දිගටම කරගෙන යන්න. මම උපරිම Support ඒක දෙනවා

    ReplyDelete